ගල්අඟුරු සැපයුම්කරුවන් තෝරාගැනීමේ දී අනුගමනය කරන ජාත්‍යන්තර තරගකාරී සීමිත ලංසු ක්‍රමය යටතේ සැපයුම්කරුවන් ලියාපදිංචි කර ගැනීම සඳහා අනුගමනය කරන ලද්දේ එකම ක්‍රමවේදයක බවත්, ඒ අනුව මේ වනවිට සැපයුම්කරුවන් විසි (20) දෙනෙකු ම ලියාපදිංචි කර ඇති අතර කිසිම සැපයුම්කරුවකු වෙනුවෙන් පිරිවිතර වෙනස් කර නොමැති බව තහවුරු කළ හැකි යැයි බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.
අමාත්‍යංශය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
මතු පළ වන්නේ අමාත්‍යංශ ලේකම් ශාන් මොහොමඩ් ගේ අත්සනින් යුත් එම මාධ්‍ය නිවේදනය යි



