දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත්වූ පුත්තලම දිස්ත්‍රික්කයේ මත වැව ප්‍රදේශය හානිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා, ජාතික ජන බලවේගයේ දිවුලපිටිය සහ මිරිගම ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි විශාල පිරිසක් දින තුනක ශ්‍රමදානයක් සංවිධානය ඇත.
ඒ අනුව එහි සමාරම්භය පෙරේදා (27) සිදු කෙරිණි.
පුත්තලම දිස්ත්‍රික්කයේ මත වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් "ඉහළ කුඩා වැව යාය" කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් ගංවතුරින් සහ නාය යෑම හේතුවෙන් වැලිවලින් යට වී තිබේ. කටුපිටි ඔය පිටාර ගැලීම නිසා ඇති වූ මෙම ආපදා තත්ත්වයෙන් ගොවී ජනතාව වෙත වගා කළ හැකි පරිසරයක් සකස් කර දීම සිදු කෙරිණි.
කටුපිටි ඔය පිටාර ගැලීම හේතුවෙන් විනාශ වී තිබු ගං ඉවුර ශක්තිමත් කිරීම සඳහාත්, කුඹුරුවල එකතු වී තිබෙන වැලි තට්ටු ඉවත් කිරීමත් සිදු කෙරිණි.
කොළඹ සිට පුත්තලම දක්වා ඇති දුම්රිය මාර්ගයේ කුඩාඔය ප්‍රදේශයේ හානි සිදු වී ඇති දුම්රිය මාර්ගය පිළිසකර කිරීමද පෙරේදා (27) සිදු කෙරිණ.
මේ අවස්ථාවට මුලික වෙමින් කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඇතුළු ජාතික ජන බලවේගය නියෝජනය කරන පිරිසක් ද, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද රැස්ව සිටියහ.
ජේ.මුණසිංහ


