දිට්වා සුළි කුණාටුවෙන් පුද්ගලයින් සියගණනක් මිය යාම, තවත් සිය ගණනක් අතුරුදන් වීම සහ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වීම සම්බන්ධයෙන් වාරිමාර්ග ඇමතිවරයාට ජම්පර අඳින්න වෙන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.
'කඳු පැලුනේ විනාශ වුණේ මාලිමාවේ උදවිය ගහපු බොරු වලට. මේක සෙල්ලමකට ගන්න එපා. ටිකෙන් ටික වතුර ඇරලා තිබුනා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නෑ.
අපි නාය ගිය ඒවට මොකුත් කියන්නෙ නෑ. අපි කියන්නෙ වතුර ඇරපු නැති එකට. හරි නම් වාරිමාර්ග ඇමැති ඉල්ලා අස්වෙන්න ඕන. මේවා වගකීමෙන් පැහැර හරින්න බෑ. ඒ වගේම අපිට කන්න දීපු දකුණේ මිනිස්සුන්ට මෙහිදී ස්තූති කළ යුතුයි. වාරිමාර්ග ඇමතිට ජම්පර අඳින්න වෙනවා. එයා මේ මරණ වලට වග කියන්න ඕන යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
දිට්වා සුළි කුණාටුවෙන් පුද්ගලයින් 470කට අධික පිරිසකට මිය යාම, තවත් සිය ගණනක් අතුරුදන් වීම සහ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වීම සම්බන්ධයෙන් ආණ්ඩුව "ඇඟ බේරා ගැනීමේ උත්සහයක" නිරත වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ද චෝදනා කරයි.
ඔහු පැවසුවේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සුළි කුණාටුවක් ඇති විය හැකි බවට පූර්ව අනාවැකි පළ කර තිබූ බව ය.
කෙසේ වෙතත්, ආණ්ඩුව මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

