ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) සහ මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ගංවතුරට යට වෙමින් පවතින බවට පැතිර යන සමාජ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
මතු පළ වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.
මාධ්‍ය නිවේදනය
ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) හා මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ගංවතුරට යට වෙමින් පවතින බවට පැතිර යන සමාජ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය යි. එම රෝහල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව අවධාරණය කරමු. මුල්ලේරියාව රෝහලේ සිට සෑහෙන ප්‍රමාණයක දුරින් ගංවතුර තත්ත්වය පැවැතුණ ද ඉන් රෝහල් කටයුතුවලට බාධාවක් සිදුව නොමැත.
අසත්‍ය සමාජ මාධ්‍ය වාර්තාවලින් කලබලයට පත් නොවන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් වැඩිවිස්තර අවශ්‍ය නම් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ස්ථාපිත කර ඇති ක්ෂණික දුරකතන අංකය වන 1926 පැය 24 පුරා ඇමතිය හැකිය.
ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන්
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ)
සෞබ්‍ය ලේකම් වෙනුවට.
දුරකථන අංකය - 0112670182
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
