ඉහළ ජීවිත අවදානමක් සහිත බෝ නොවන රෝග අතර පිළිකාව ප්‍රධාන තැනක් ගන්නා බව සර්වජන බලය නායක පා.ම. දිලිත් ජයවීර පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (22) යෙදී තිබුණු ජාත්‍යන්තර පියයුරු පිළිකා දිනය වෙනුවෙනි.
ජාත්‍යන්තර පියයුරු පිළිකා දිනය යෙදී තිබුණු ඊයේ (22) පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන් රෝස පැහැති ඇඳුම් අඳිමින් 'දැනුවත් කිරීමේ' වැඩසටහනකට එක් විය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර...
විශේෂයෙන්ම ලොවපුරා කාන්තාවන් අතර සුලබ පිළිකා තත්ත්වය වන්නේ පියයුරු පිළිකාව යි. එක් වසරක් තුළ ශ්‍රී ලාංකීය මව්වරුන්, කාන්තාවන් දහසකට ආසන්න ප්‍රමාණයකට පියයුරු පිළිකාව හේතුවෙන් ජීවිත අහිමි වෙනවා. නමුත් නූතන දියුණු වෛද්‍ය තාක්ෂණය තුළ මුල් අවධියේ දී හඳුනා ගැනීමෙන් පියයුරු පිළිකාව සම්පූර්ණයෙන් ම සුව කළ හැකි යි. එවැනි පසුබිමක වසරකට ලාංකීය මව්වරුන්, කාන්තාවන් දහසක් මිය යන්නේ 'නොදැනුවත්කම' නිසා.
ඔක්තෝම්බර් කියන්නෙ පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය යි. මන්ත්‍රීවරයෙකු වශයෙන් මා ද ඊට සහය දීම උදෙසා මේ ලාංඡනය පැලඳුවා. දැනුවත් වීමෙන් පියයුරු පිළිකාව පරාජය කිරීමට එක්වන ලෙසට මා සමස්ත ශ්‍රී ලාංකේය කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා.