ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදී ජනරජයේ අංක 2360/24 හා 2023.11.27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති සංශෝධිත ආගාමික හා විගාමික නියෝග යටතේ අනුමත තනි පුද්ගල ආයෝජක කාණ්ඩයට අදාළව පළමු වාස වීසාව (Visa) ඊයේ (01) මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අතින් ජර්මානු ජාතික ආචාර්ය Prey Drechsel (පායි ඩ්‍රෙශල්) වෙත ප්‍රදානය කළේ ය.
මෙම තනි පුද්ගල ආයෝජක කාණ්ඩයේ වාස වීසා සඳහා විදේශිකයන් අයදුම් කිරීමේ දී, ඇමරිකානු ඩොලර් 100 000/- හෝ ඊට සමාන විදේශීය මුදලක් සඳහා වසර 05ක වාස වීසාවක් සහ ඇමරිකානු ඩොලර් 200 000/- හෝ ඊට සමාන විදේශීය මුදලක් සඳහා වසර 10ක වාස වීසාවක් ලබා දීම සිදු කරයි.
මෙහි දී අදාළ ආයෝජකයා විසින් ශ්‍රී ලංකාවේ ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක, වීසා වැඩසටහන් විදේශ ගිණුමක් (Visa Programme Foreign Currency Account- VPFCA) විවෘත කර ඉහතින් සඳහන් කළ මුදල තැන්පත් කිරීම මගින් මෙම වාස වීසාව ලබා ගැනීම සදහා අයදුම් කිරීමට හැකියාවක් ඇත.
විදේශිකයින්ට ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට හැකිවන අයුරින් මෙම තනිපුද්ගල ආයෝජක කාණ්ඩයට අදාළ වාස වීසා ලබා දීම තුළින් ශ්‍රී ලංකාව තුළ විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂිත ය