Image

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ගේ 21 වන ගුණ සමරුව

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ගේ 21 වන ගුණ සමරුව

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ගේ 21 වන අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කළ දානමය පිංකම 2026 අගෝස්තු 12 වන දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ලක්ෂ්මන් කදිරගාමර් අන්තර්ජාතික සම්බන්ධතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනය (LKIIRSS) විසින් පවත්වන ලදී.

කොළඹ ශ්‍රී සම්බෝධි විහාරවාසී, රාජකීය පණ්ඩිත පූජ්‍ය මහනුවර අමිත ගවේෂී හිමියන් ඇතුළු මහා සංඝරත්නය හත්නමක ගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කළේ ය. එහි දී අනුශාසනාව සිදු කළ පූජ්‍ය මහනුවර අමිත ගවේෂී හිමියෝ, දිවංගත අමාත්‍යවරයා ගේ රාජ්‍ය තාන්ත්‍රික සේවය, ජාතික සමගිය උදෙසා වූ කැපවීම සහ රට වෙනුවෙන් ඉටුකළ මෙහෙවර සිහිපත් කළහ. අනතුරුව පිරිත් සජ්ඣායනා කර,  ආයතනයේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශීර්වාද කළහ.

මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, දිවංගත අමාත්‍යවරයා ගේ බිරිඳ සහ LKIIRSS පාලක මණ්ඩලයේ ආයුකාලීන සාමාජිකා සුගන්ධි කදිරගාමර් සහ LKIIRSS වැඩබලන විධායක අධ්‍යක්ෂ තුෂාර රොද්‍රිගෝ  යන අයඇතුළු පිරිසක් සහභාගී වූහ. පාලක මණ්ඩලයේ සාමාජිකයින්, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආයතන කාර්ය මණ්ඩලය ද මෙයට එක්ව සිටියහ.

WhatsApp Image 2026 08 12 at 7.10.51 PM

WhatsApp Image 2026 08 12 at 7.10.53 PM

WhatsApp Image 2026 08 12 at 7.10.52 PM

WhatsApp Image 2026 08 12 at 7.10.52 PM 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න