පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (29) කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් අතර, මේ වන විට ඇප මත මුදා හැර ඇත.
අද (29) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේ දී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පසුගියදා කොළඹ පැවැති සත්‍යග්‍රහයක් අතරතුර එහි පැමිණී මන්ත්‍රීවරයා පසුව කොටුව පොලීසියේ පොලිස් නිලධාරියෙකුට බැණ වැදුණු අයුරු දක්නට ලැබුණි.
එම සිදුවීම සම්බන්ධව සිදුකරන විමර්ශනයකට අදාළව මන්ත්‍රීවරයා කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදී අද පෙරවරුවේ කොටුව පොලිසියට පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
