විදේශගත ශ්‍රමිකයෙකුගේ මරණයකදී හිමිවන වන්දි මුදල ඉහළට

විදේශගත ශ්‍රමිකයෙකුගේ මරණයකදී හිමිවන වන්දි මුදල ඉහළට

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා නව වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බව එම කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ පවසයි.

විදේශ රැකියාවක නිරතව සිටින ශ්‍රමිකයෙකු මිය ගියහොත් පවුලට ගෙවන රක්ෂණ වන්දි මුදල රුපියල් ලක්ෂ 06 සිට ලක්ෂ 20 දක්වා ඉහළ නංවා ඇති අතර විදෙස්ගත ශ්‍රමිකයන්ගේ පවුල් සඳහා ව්‍යාපාර ඇරඹීමට ණය යෝජනා ක්‍රමයක් ද හඳුන්වා දී තිබේ.

එසේම, දරුවන්ගේ ශිෂ්‍යත්ව මුදල් ඉහළ නංවා ඇති අතර, උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට ලැප්ටොප් පරිගණක ලබා දීමට ද තීරණය කර ඇත.

එමෙන්ම මේ වසරේ අගෝස්තු වන විට ශ්‍රමිකයන් විසින් අමෙරිකානු ඩොලර් බිලියන 5.1ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇති අතර, වසර අවසන් වන විට එය බිලියන 7.2ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ වන විට ශ්‍රී ලාංකිකයන් 226,240ක් විදේශගත වී ඇති අතර, වසර අවසන් වන විට මෙම සංඛ්‍යාව ලක්ෂ 03කට ආසන්න වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

විදේශ රැකියා වංචා වැළැක්වීම සඳහා පොලිස් නිලධාරීන් 16 දෙනෙකුගෙන් යුත් විශේෂ විමර්ශන ඒකකයක් පිහිටුවා ඇති අතර, වංචනිකයන්ට හසුවූවන්ට රුපියල් මිලියන 234ක් නැවත ලබා දීමට හැකි වී තිබේ. කාර්යාංශ පනත යාවත්කාලීන කිරීමට ද පියවර ගනිමින් සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න