Language Switcher

Ad

Ad 01

V2025

රන් ආලේපිත ටී 56 ගිනි අවි නඩුවෙන් දුමින්ද මුදා හරියි

රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මුදා හැරීමට එම නඩුවෙන් මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

 ඒ මීට අදාළ නඩුව අද (29) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී වන අතර එහිදී මෙම නඩුවට අදාළව සෘජු හා පරිවේෂණීය සාක්ෂි නොමැති වීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා මුදා හරින බව ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා නියෝග කර ඇත.

ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින 1 සහ 2 සැකකාරියන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නැවත මෙම නඩුව නොවැම්බර් මස 06 වන දින කැඳවීමට ද ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා නියෝග කර තිබේ.

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පසුගිය මැයි මස 23 වැනි දින අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කෙරුණි.

පසුව ඔහු විසින් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව පසුගිය 14 වැනි දින ඇප කොන්දේසි මත නිදහස් කරනු ලැබීය.