ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 100 කින් ඉහළ දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරයි.
මීට පෙර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල සඳහන් වූයේ රුපියල් 1,100ක් ලෙසය.
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල වන්නේ රුපියල් 1,200කි
එසේම ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑම් 01ක පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව ඔවුන් වැඩිදුරටත් පවසයි.