පොලිස්පති දේශබන්දු ගැන තොරතුරු CIDයට දැනුම් දෙන්න - පොලීසිය

පොලිස්පති දේශබන්දු ගැන තොරතුරු CIDයට දැනුම් දෙන්න - පොලීසිය

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග අද (06) සහභාගී වූ මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියේය.

හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ සිදුකරන බවත් පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඔහු මේ වනවිට නීතියට අවනත නොවී සැඟවී සිටින බව ද පැවසීය.

අධිකරණ නියෝගයකට අවනත නොවී පැන ගිය සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ක්‍රමවේදය යටතේම හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, විශේෂ සැලකිල්ලක් හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය නොදක්වන බව ද කියා සිටියේය.

එමෙන්ම ඔහුට සැඟවී සිටීමට යම් අයෙක් උදව් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ද දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශයකවරයා පැවසීය.

වෙනදාට වඩා වෙහෙසක් ගෙන හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වනවිට රටින් පිටව ගොස් ඇතැයි තොරතුරු ලැබී නොමැති බව ද පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න