අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඔහු එලැඹෙන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අලුත්කඩේ අංක 5 අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි නියෝග කර ඇත්තේ.
යෝෂිත අත්අඩංගුවට ගත් හේතුව ?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමට හේතු වූ කරුණ පිළිබඳ මේ වනවිට කරුණු අනාවරණය වී තිබේ.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව බවත්,
එම නඩුවට අදාළව යෝෂිත රාජපක්ෂ සැකකරුවකු ලෙස නම් කිරීමට තරම් ප්‍රමාණත් කරුණු ඇති බව නීතිපති විසින් පසුගිය 23වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමක්ද සිදු කර ඇති බවත් lankatruth වාර්තා කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
