වතු ජනතාවට නව නිවාස 4,350ක්

වතු ජනතාවට නව නිවාස 4,350ක්

වතු ජනතාවට නිවාස ලබා දීමේ වැඩපිළිවෙල යටතේ 2025 වර්ෂය තුළ නිවාස 4,350ක් ඉදිකරන අතර වතු ජනතාවගේ යටිතල පහසුකම් දියුණු කර ඔවුන් දිළිඳු බවින් මුදවා ගැනිම රජයේ අරමුණ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න  සඳහන් කරයි.

මීට පෙර වතු ජනතාවට කියා නිවාස ඉදිකර ඒවා ලබා දී තිබුණේ දේශපාලන හිතවත්කම් මත බවයි , නව රජය යටතේ මෙම නව නිවාස ලැබිය යුතුම වතු ජනතාවට පමණක් ලබා දෙන බවයි අමත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (21) රජය මගින් බදු දී ඇති ප්‍රාදේශිය වැවිලි සමාගම්වල ඉහළ නිලධාරින් සමග වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවකදීයි .

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ජන සංඝණනවලට අනුව මෙරට නිවාස හිමිකාරිත්වය ගත් විට ජාතික වශයෙන් එය 83.75%ක් වන අතර එය වතු ආශ්‍රිතව 5.6%ක් පමණක් බව එයා ඉතාම අඩු තත්ත්වයක් බව සඳහන් වෙයි.

එමෙන්ම, දිළිඳු බව අතින් ජාතික වශයෙන් 11.9% ක් වන විට වතු ආශ්‍රිතව දිළීඳු බව 29.7%ක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ තත්ත්වය තුළ වතු ජනතාව දිළිඳු බවින් මුදවා නිවාස ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබා දිම අරමුණ බව කියා සිටි අමාත්‍යවරයා ඉන්දීය ආධාර මත ඉදිකෙරෙන නිවාස දසදහසින් නිවාස 1,300ක් ඉදිකර අවසන් බව 2025 වර්ෂය අවසන් වීමට පෙර නිවාස 4,350ක් ද, 2026 වර්ශය තුළ තවත් 4,350ක් ද ඉදිකර වතු ජනතාවට එම නිවාස ලබා දෙන බව ද අවධාරණය කර කළේය.

මෙම සාකච්ඡාව සඳහා කම්කරු අමාත්‍ය අනිල් ජයන්තද, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්ද, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති ද, රජය මගින් බදු දී ඇති ප්‍රාදේශිය වැවිලි සමාගම් වල ඉහල නිලධාරින්ද ඇතුළු විශාල පිරිසක් සහභාගිවී තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න