අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ දෙවන හමුව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී එළඹෙන 19 වනදා පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව එහි පළමු හමුව පසුගිය 12 වනද මන්නාරමේ පැවැත්වුණු අතර 19 වනදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන හමුවේදී අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ කොමසාරිස්වරුන් පෙරවරු 9.30 සිට අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවිමට නියමිතව ඇත.
එසේම එදින පෙරවරු 11.30ට සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් හමුවිමට සැලසුම් කර ඇති බවත් අතුරුදන්වුවන් පිළිබද කාර්යාලය සඳහන් කරයි.
තවද පසුගිය සමයේ අතුරුදහන්වීම් සිදුවුයේ උතුරු නැගෙනහිර පමණක් නොවන බවත් රටපුරා නීති විරෝධී ආකාරයේ පැහැරගැනීම්,අත්අඩංගුවට ගැනීම් වලින් පසුව මේ වන තුරු අතුරුදහන්වූ ජනතාව පිළිබඳ වාර්තා ලැබී ඇති බවත් එම කාර්යාලය සඳහන් කර සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
