ෆොනී සජබෙන් එළියට : කබීර් සහ නාලක ගොඩ !

ෆොනී සජබෙන් එළියට : කබීර් සහ නාලක ගොඩ !

ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර මෙරට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට නව සභාපතිවරයකු පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

ඊට පෙර සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම තනතුරින් ඉවත් කෙරෙනු ඇතැයි ද දැනගන්නට ඇත.

ඒ අනුව පුරප්පාඩු වන ස.ජ.බ සභාපති ධූරය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත්කෙරෙනු ඇති බවත් වාර්තාවේ.

ඒ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සංවිධායක පදවිය දරන කැලණිය ආසන සංවිධායක පදවියෙන්ද ඔහු ඉවත්කර කැලණිය නව ස.ජ.බ සංවිධායකවරයා ලෙස මෑතකදී ස.ජ.බ.ට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පත්කෙරෙනු ඇතැයි සජබ ප්‍රකාශකයකු පැවසීය.

කෙසේ වුවත් දේශපාලන විචාරකයන් පවසන්නේ ෆොන්සේකා මන්ත්‍රීවරයා, පසුගියදා සිදුකළ ඔහුගේ කෘතිය එළිදැක්වීම සමඟ තවදුරටත් සජබ නොවන බව තහවුරු කළ බවයි.

එබැවින් ඔහුව ඉවත් කිරීම අලුත් දෙයක් නොවන බවත් එය තීන්දුවක් ගන්න සජබ තුළ වූ පසුබෑමක් පමණක් බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න