ජනාධිපතිවරණ දැන්වීම එළියට

ජනාධිපතිවරණ දැන්වීම එළියට

ඉදිරි දෙසතිය තුළදී ජනාධිපතිවරණය පැවැත්වෙන දින වකවානු පිළිබඳව කියැවෙන “ජනාධිපතිවරණ දැන්වීම” ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක පැවසීය.

ලබන බදාදා (ජූලි 17) වන දායින් පසුව ජනාධිපතිවරණය පැවැත්වීමේ බලය ව්‍යවස්ථානුකූලව මැතිවරණ කොමිසමට ලැබුණ ද එදිනට එම දිනය ප්‍රකාශයට පත් නොකෙරෙනු ඇති බවත් එනම් 31දාට පෙර මැතිවරණ කොමිසම රැස්වී ජූලි මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය සම්බන්ධ ක්‍රියාවලියේ නියමිත දිනයන් ප්‍රකාශයට පත් කරන බව ද ඔහු සඳහන් කළේ ය.

ජනාධිපතිවරණ දැන්වීම ප්‍රකාශයට පත් කිරීමත් සමග මැතිවරණ කාල සීමාව ආරම්භ වන බවත් අදාළ දින සිට දින 16ත් 21ත් අතර නාම යෝජනා භාර ගැනීමත් අදාළ දැන්වීම ප්‍රකාශිත දිනයේ සිට සති 4ත් 6ත් අතර කාලය තුළ ඡන්ද විමසීම පැවැත්වෙන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

කෙසේ වුවද ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16ත් අතර කාල සීමාව තුළ පැවත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අවධාරණය කළේ ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න