මෝදිගේ දිවුරුමට ජනපති ඉන්දියාවට

මෝදිගේ දිවුරුමට ජනපති ඉන්දියාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ නරේන්ද්‍ර මෝදිගේ අද පැවැත්වෙන දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද නවදිල්ලිය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

දිවුරුම්දීමේ උත්සවය නවදිල්ලි අගනුවරදී අද (09) රාත්‍රී 7.15ට ආරම්භ කිරීමට නියමිතය.

ඒ රාජ්‍ය නායකයින් ඇතුළු ආරාධිතයින් දහස් ගණනකගේ සහභාගීත්වයෙනි.

දින 44ක් අදියර 7ක් යටතේ පැවැති ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය ජයගැනීමට අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂය ප්‍රමුඛ සන්ධානය පසුගිය දා සමත්වුණි.

ඉන්දීය ඉතිහාසයේ තුන්වැනි වරටත් අගමැති ලෙස දිවුරුම් දුන් දෙවැනි පුද්ගයා වන්නේ ඔහුයි. 

කෙසේ වෙතත් නවදිල්ලි අගනුවර ආරක්ෂාව තර කර ඇති අතර රාෂ්ට්‍රපති භවන් අවට මාර්ගවල ද රථවාහන සීමා කිරීම ඉන්දීය ආරක්ෂක අංශ මේ වන විට කටයුතු කර ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න