"ජඩ බදු හකුලාගනිව්! ජීවන බර පහත දමව් !" යන මැයෙන් ජන අරගල ව්‍යාපාරය ඊයේ සංවිධානය කළ විරෝධතාවට එක්වූ සුජිත් කුරුවිට ඇතුළු සාමාජිකයින් හයදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජන අරගල ව්‍යාපාරය අද (04) නුගේගොඩදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවන ලදී.
එහිදී අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ විධායක සභික දුමින්ද නාගමුව සඳහන් කළේ, අතීතයේ පැවැති ආණ්ඩු උද්ඝෝෂණවලට පහරදී මර්දනය කළ අතර, වත්මන් ජාතික ජන බලවේග (ජාජබ) ආණ්ඩුව විරෝධතා දක්වන ජනතාව ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා මර්දනය කිරීමට සූදානම් වන බවයි.
ඒ අනුව ඉදිරියේදී සම්මත කිරීමට නියමිත "ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත" හරහා උද්ඝෝෂණයක් සිදු කිරීමටත් පෙර ත්‍රස්තවාදී ක්‍රියා ලෙස නම් කර උද්ඝෝෂණ තහනම් කිරීමට, සංවිධාන තහනම් කිරීමට, පුද්ගලයින් අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට හැකිවන බවයි. එබැවින් මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි තර්ජනයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
තවද, දැරිය නොහැකි බදු බර සහ ඉහළ යන ජීවන වියදම හමුවේ පීඩාවට පත්ව සිටින සාමාන්‍ය ජනතාවගේ හඬ වෙනුවෙන් ජන අරගල ව්‍යාපාරය ලෙස මෙම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කළ බවත්, ආණ්ඩුව මර්දනය හරහා මෙම මහජන විරෝධය යටපත් කිරීමට හැකි යැයි විශ්වාස කරනවා නම් අතීතයේ මර්දනය ක්‍රියාත්මක කළ පාලකයින්ට අත්වූ ඉරණම මතක් කරගත යුතු බවත් දුමින්ද නාගමුව වැඩිදුරටත් පැවසීය.





newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
