පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව වාර්තා වෙයි.
ඒ අනුව පහරදීම සිදුවු බව කියන අවස්ථාවේදී ඒ අසල රැඳී සිටි මන්ත්‍රීවරුන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මෙම සිදුවීමට අදාළ විමර්ශන සිදුකරන කොටුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තු සංකීර්ණයට ගොස් අදාළ ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
පසුගියදා පැවති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට පහරදුන් බවට ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ විසින් පසුගියදා කොටුව පොලීසිය හමුවේ පැමිණිල්ලක් සිදුකළේය.
එම සිද්ධියට අදාළව ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා ද ලිඛිත පැමිණිල්ලක් කොටුව පොලිස් ස්ථානයට භාරදී ඇති බවද වාර්තා වෙයි.
කොටුව පොලීසිය මෙලෙස විමර්ශන ආරම්භ කර තිබෙන්නේ මෙම පැමිණිලි පදනම් කරගෙනය .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
