2026 UI GreenMetric ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැවත වරක් සමත්ව තිබේ.
මෙම ශ්‍රේණිගත කිරීම්වලට අනුව, රටවල් 110ක විශ්වවිද්‍යාල 2,016ක් අතුරින් ප්‍රසාද ලකුණු 8,262.5ක් ලබාගනිමින් ගෝලීය වශයෙන් 200වන ස්ථානය හිමිකර ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමත් විය.
UI GreenMetric ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් මගින් විශ්වවිද්‍යාලවල තිරසාරභාවයේ කාර්යසාධනය ඇගයීමට ලක් කරන්නේ ප්‍රධාන පරාමිතීන් කිහිපයක් පදනම් කරගනිමිනි. ඒ අතරට යටිතල පහසුකම්, බලශක්තිය සහ දේශගුණික විපර්යාස, අපද්‍රව්‍ය කළමනාකරණය, ජල කළමනාකරණය, ප්‍රවාහනය, අධ්‍යාපනය, පාලනය සහ ඩිජිටල්කරණය යන ක්ෂේත්‍ර ඇතුළත් වේ.
2026 ශ්‍රේණිගත කිරීම් පවත්වනු ලැබුවේ “සුපාලනය, ඩිජිටල්කරණය සහ සංගෘහිත කාර්යසාධනය තුළින් තිරසාර විශ්වවිද්‍යාල පරිශ්‍රයන් ඉදිරියට ගෙන යාම” යන තේමාව යටතේය.
ලොව පුරා පිහිටි විශ්වවිද්‍යාලවල තිරසාරභාවයේ කාර්යසාධනය ඇගයීමේ ප්‍රධාන අන්තර්ජාතික මට්ටමේ වේදිකාවක් වන මෙම 2026 UI GreenMetric ශ්‍රේණිගත කිරීම් සඳහා රටවල් 110කින් විශ්වවිද්‍යාල 2,016ක් සහභාගී වී තිබේ.
එම දර්ශකයට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය පත්ව ඇත්තේ ලොව හොඳම පරිසර හිතකාමී විශ්වවිද්‍යාලයක් ලෙසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
