මැති සභයේ තවත් අනංගයෙක් !

මැති සභයේ තවත් අනංගයෙක් !

කාන්තාවන්ට අයුතු යෝජනා කරමින් අවස්ථා ගණනාවකදීම විනය විරෝධී ලෙස හැසිරී ඇතැයි පැවසෙන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානියකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගේ උපදෙස් මත මෙම විමර්ශනය ආරම්භ වී ඇති බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.

එම නිලධාරියා සේවක සේවිකාවන්ට උසස්වීම් පිරිනැමීමේදීත් අදාල අංශයට අලුතින් සේවිකාවන් බඳවා ගැනීමේදීත් ලිංගික අල්ලස් ඉල්ලා දිගින් දිගටම බලපෑම් කරන බවට තොරතුරු අනාවරණයවීමෙන් පසු මේ සම්බන්ධයෙන් විමර්ශන ආරඹා ඇත.

ඇතැම් සේවිකාවන් මේ සම්බන්ධයෙන් ලිඛිතවම කරුණු ඉදිරිපත් කර ඇති බවද දැනගන්නට ඇත.

මේ අතර රූමත් සේවිකාවන් පිරිසකට ලිංගික අඩන්තේට්ටම් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට විරුද්ධවද පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් මෙයට පෙර විනය ක්‍රියාමාර්ග ගැනිණ.

  • lankadeepa

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න