Language Switcher

V2025

ශ්‍රීලනිප සිරිසේන පාර්ශ්වය සහ සිරිපාල පාර්ශ්වය එළිපිට ගැටෙති !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාරණයට ලක්වූ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ පාර්ශ්වය කැඳවූ රැස්වීමක් පැවති ස්ථානයට ගොස් විරෝධය පළකීරිමට එහි වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ කණ්ඩායම අද (20) කටයුතු කර තිබේ .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රීලනිප ලේකම් ලෙස මේ වන විට යෝජනා කර තිබෙන , ශ්‍රීලනිප ජාතික සංවිධායක ධූරය දරන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසන්නේ වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අදාළ රැස්වීම නීත්‍යානුකූල නොවන බවය.

වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තනතුරු බෙදීයාම සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදකාරි තත්ත්වය තුළ වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේන ගේ පාර්ශ්වය අද කැඳවා ඇත්තේ දේශපාලන මණ්ඩල රැස්වීමක් ය.

එම පක්ෂයේ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම ජයවර්ධනපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක කැඳවා ඇති බවද වාර්තා වෙයි.

කෙසේවෙතත් එය නීත්‍යනුකූල රැස්වීමක් නොවන බව පවසමින් පක්ෂයේ භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ ලේකම් සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එම ස්ථානයට ගොස් විරෝධය පළ කර තිබුණි.

එසේම මේ වන විට ශ්‍රීලනිප සභාපති ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ සභාපති ධූරය වාරණය තවත් දීර්ඝ කිරීමට පසුගියදා අධිකරණය නියෝග කර තිබිණ .