ජනාධිපති අරමුදලින් ලබාදෙන ශිෂ්‍යත්ව දීමනා මැයි මාසයේ සිට !

ජනාධිපති අරමුදලින් ලබාදෙන ශිෂ්‍යත්ව දීමනා මැයි මාසයේ සිට !

2022/2023 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් ආර්ථික අපහසුතා ඇති සිසු දරුවන් 6000ක් සඳහා උසස් පෙළ හැදෑරීමට ශිෂ්‍යත්ව ලබා දීමට අදාළ කටයුතු මේ වන විට අවසන් අදියරේ පසුවන බවත්, ඒ අනුව 2024 මැයි මස සිට මාර්තු, අප්‍රේල් මාසවල හිඟ වාරික ද සහිතව එම ගෙවීම් සිදු කිරීමට කටයුතු සුදානම් කර ඇති බවත් ජනාධිපති අරමුදල දැනුම් දෙයි.

ඒ අනුව 2024 මාර්තු මස සිට ක්‍රියාත්මක වන පරිදි මසකට රුපියල් 6000 බැගින් වාරික 24ක් සඳහා මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරේ.

තෝරාගන්නා ලද සිසුන්ගේ නාමලේඛන පළාත් වශයෙන් ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති අරමුදලේ නිල වෙබ් අඩවියේ (www.presidentsfund.gov.lk) පල කිරීමට කටයුතු කරනු ලබන අතර වැඩිදුර විස්තර සඳහා ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව (www.facebook.com/president.fund) like/follow කර තබාගන්නා මෙන් ද ජනාධිපති අරමුදල දැනුම් දී සිටි.

තවද 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ආර්ථික අපහසුතා සහිත සිසුන් ලක්ෂයක් සදහා පිරිනැමෙන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනේ අයදුම්පත් භාර ගැනීම මේ වන විට අවසන් වී ඇති අතර ශිෂ්‍යත්වලාභීන්ගේ නාමලේඛන කලාප මට්ටමින් ඉදිරි මාසය තුළ ජනාධිපති අරමුදල වෙත ලැබීමට නියමිතව තිබේ.

එම නාමලේඛන ලද පසු අදාළ සිසුන් සදහා ශිෂ්‍යත්ව දීමනා වශයෙන් මසකට රුපියල් 3000 බැගින් මාසික වාරික 12ක් ගෙවීමට කටයුතු කෙරෙන අතර මෙම ශිෂ්‍යත්ව මුදල්ද 2024 මැයි මස සිට ලබා දීමට නියමිතව ඇත.

මීට අදාළ මාධ්‍ය නිවේදනය ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත්කර ඇත .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න