ටිල්වින්ගේ අනුමැතිය : අනුර - සජිත් විවාදයකට පමණයි !

ටිල්වින්ගේ අනුමැතිය : අනුර - සජිත් විවාදයකට පමණයි !

ජාතික ජනබලවේගය පක්ෂයේ ආර්ථික කමිටුව සහ සජබ ආර්ථික කමිටුව අතර විවාදයක් වෙනුවට ජනාධිපති අපේක්ෂකයන් වීමට නියමිත අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර විවාදයක් සඳහා පමණක් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අනුමැතිය පළකර ඇත.

ජාතික ජනබලවේගය පක්ෂය විසින් සංවිධානය කරන ලද උත්සව අවස්ථාවක් අමතමින් ඔහු සිය ස්ථාවරය ප්‍රකාශ කර ඇති අතර ප්‍රතිපත්තියක් නැති කණ්ඩායම් සමග විවාද කරන්න ජාතික ජන බලවේගය සූදානම් නැති බවත් පවසා තිබේ.

එහිදී අදහස් දක්වා ඇති ජවිපෙ මහ ලේකම් ටිල්වින් සිල්වා මෙසේ පවසා ඇත .

‘සමගි ජන බලවේගයේ පිරිසක් ආර්ථික ප්‍රතිපත්ති ගැන විවාද කරන්න අපිට අභියෝග කරනවා. රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ අවුරුදු 05ක් ආණ්ඩුවේ හිටපු, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැ¾දුම්කරවලින් ලංකාවට වැඩිම විදේශ ණය ගෙන ඒ උගුලේ අපිව හිර කරපු අයම අපට විවාදයකට කතා කරනවා.

ඒ අයට අපි උත්තර දුන්නේ එහෙට මෙහෙට පනින ප්‍රතිපත්තියක් නැති අය වෙනුවට ජනාධිපතිවණයකදී වැදගත් වෙන්නේ අපේක්ෂකයන් හැටියට ඉදිරිපත් වෙන පක්ෂ නායකයන් නිසා අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා සමඟ ඒ ගොල්ලන්ගේ නායක සජිත් ප්‍රේමදාස මහත්තයට විවාදයකට එන්න කියලා. සජිත් ප්‍රේමදාස විවාදයකට එනවා නම් අපි සතුටුයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යෝජිත විවාදය ගැන ආපදා කළමනාකරණ තීන්දුවක් ගෙන ඇති බවය. සජබ ආර්ථික කමිටුව සහ ජාජබ ආර්ථික කමිටුව අතර විවාදය තුළ, ජාජබ පාර්ශ්වය වෙතින් ජවිපෙ ස්ථාවරය ඛණ්ඩනය වීම වළක්වා ගැනීමට මේ තීන්දුව ගෙන ඇති බව පැහැදිලි බව විචාරක මතය වී ඇත.

එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ ජාජබ ආර්ථික ප්‍රතිපත්තිය සහ ජවිපෙ ප්‍රතිපත්තිය අතර ඇති විසංවාදය ගැන වාදයක් ඇතිවීම අහිතකර බව ටිල්වින් සිල්වා ගේ තක්සේරුව වී ඇති බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න