Image

රනිල්ගේ ආරක්ෂකයා සමඟ ඇති වූ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් කැමරා ශිල්පියාට පොලිස් ඇප!

රනිල්ගේ ආරක්ෂකයා සමඟ ඇති වූ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් කැමරා ශිල්පියාට පොලිස් ඇප!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකු සමඟ ඇති වූ සිදුවීමකට අදාළව කොම්පඤ්ඤවීදිය පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියා පොලිස් ඇපමත මුදා හැ‍ර තිබෙනවා.

අද (01) උදෑසන එම සිදුවීමට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා මෙම කැමරා ශිල්පියා පොලිසිය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ (30) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පිවිසුම් දොරටුව අසලදී මීට අදාල සිදුවීම සිදුව තිබූ අතර, කැමරාවකින් හිසට පහර දුන් බව පවසමින් අදාළ ආරක්ෂක නිලධාරියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න