Image

කෙහෙල්බද්දර පද්මේ මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන ලියු පොත් 8 ක් රස පරික්ෂකට

කෙහෙල්බද්දර පද්මේ මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන ලියු පොත් 8 ක් රස පරික්ෂකට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින  කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ලියන ලද පොත් 8 ක්  රස පරික්ෂක වෙත යැවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් .බෝදරගම අද (1) නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ මෙම සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් ලියන ලද සටහන් පොත් 8ක් සොයා ගත් බවයි.

එම සටහන් පොත්වල අත් අකුරු පරීක්ෂාවට රස පරික්ෂක වෙත යැවීමට නියෝගයක් ලබා දෙන ලෙසයි විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

සිද්ධියට අදාල සැකකරු ලබන 15 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණයෙන් නියම කළා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න