පොහොට්ටුවේ මැයි දිනය කැම්බල් පිටියේ !

පොහොට්ටුවේ මැයි දිනය කැම්බල් පිටියේ !

පොදුජන පෙරමුණ මෙවර මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේ පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (26) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

ඉදිරියේදී පළමුව පවත්වන්නේ මහ මැතිවරණයක්ද ජනාධිපතිවරණයක්ද යන්න තමන්ට තීරණය කළ නොහැකි බවත් එය තීරණය කළ යුත්තේ රජය හෝ මැතිවරණ කොමිසම බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය .

කෙසේ වුවත් පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න