ජනාධිපතිවරණය මෙම වසරේ ඔක්තෝබර් මුල් සතියේ ව්‍යවස්ථානුකූලව පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇති බව වාර්තා වෙයි .
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිහිපයක් මෙන්ම සමාජ මාධ්‍ය වෙබ් අඩවි කිහිපයක් ද මේ බව වාර්තා කර ඇත.
දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ජනපතිවරයා මේ බව කැබිනට් අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බවය.
එසේම ජනාධිපතිවරයා විසින් පසුගියදා පත්කරනු ලැබූ සිය දේශපාලන කැබිනට්ටුවටද මේ බව දැනුම් දී ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා වල දැක්වෙයි .
දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ජනාධිපතිවරණය එළැඹෙන ඔක්තෝබර් මාසයේ 05 වන සෙනසුරාදා පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
