පාස්කු ප්‍රහාරය : සිරිසේනගෙන් පැය 5ක ප්‍රකාශයක් අරගෙන !

පාස්කු ප්‍රහාරය : සිරිසේනගෙන් පැය 5ක ප්‍රකාශයක් අරගෙන !

පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදුකළ ප්‍රකාශයක් පදනම් කරගෙන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණ.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපතිවරයාගෙන් පැය පහක කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව වාර්තා වෙයි.

පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න තමා දන්නා බවත්, ඒ පිළිබඳ අධිකරණයෙන් නියෝගයක් දෙන්නේ නම් ඒ ගැන කරුණු හෙළි කිරීමට තමන් සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාර්තු 22 වනදා මහනුවරදී ප්‍රකාශ කර තිබිණ.

ඔහුගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළ අතර ඒ අනුව ඒ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් , පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට නියෝග කර තිබුණි.

අද පෙරවරු 10.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා පැය 5කට අධික කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පස්වරු 3.40ට පමණ අපරාධ පරීක්ණෂ දෙපාර්තමේතුවෙන් පිටව ගොස් තිබේ.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ නිහාල් තල්දූව සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා දුන් ප්‍රකාශය පිළිබඳ වැඩිදුර කරුණු විමර්ශනය කර නීතිපති උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න