අද වන විට අප රටේ ළමා හිංසනයට, අපයෝජනයට ලක්වූ 46000ක් නීතිය ක්‍රියාත්මක වී යුක්තිය ඉටුවන තෙක් බලාගෙන සිටින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ විපක්ෂ නායක කාර්යාලයේ අද (03) පැවති 'ළමා ආරක්ෂාව පිළිබඳව වර්තමානයේ මතුව ඇති ගැටලු' සම්බන්ධයෙන් වූ සාකච්ඡාවේ දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
හිංසනයට හිරිහැරවලට ලක්වූ දරුවන් වෙනුවෙන් නිසි සාධාරණයක් ඉටු කරන්න
''මෙසේ අපයෝජනයට හිංසනයට අසාධාරණයට ලක්වූ දරුවන් ඔවුන්ගේ ළමා කාලය තුළ අදාළ හිංසනයන්ට අදාළ යුක්තිය ලැබී නැති බව බොහෝ නිරීක්ෂකයන් විසින් පෙන්වා දෙන නිසා මේ 46000ක් වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්න අවශ්‍ය පියවර ගැනීම ප්‍රමාද කරන්නේ ඇයි ද කියා ප්‍රශ්නයක් තිබෙනවා. මේ පැමිණිලි විභාගයට ගැනීම ප්‍රමාද නොකර අපයෝජනයට හිංසනයට හිරිහැරවලට ලක්වූ දරුවන් වෙනුවෙන් නිසි සාධාරණයක් ඉටු කිරීමට රජය කඩිනමින් කටයුතු කළ යුතු යි. රජය ළමා අයිතිය හා ආරක්ෂණය ගැන ඉහළින් කතා කළ නිසා ඒ කතා ක්‍රියාවට නැංවිය යුතු යි. 2019 දී ජාතින ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය ආරම්භ කර එය 2025 වන විට ක්‍රියාත්මක කරන බවට පැවසුවත් අද වන විට මේ රජය එය ක්‍රියාත්මක කරන්නේ 2029 සිට බව පවසනවා. 2024 ජනවරම ලබා ළමා පරපුර ආරක්ෂා කරන්න ලැබු වරම ක්‍රියාත්මක කරන්නේ 2029 කියා රජය තීන්දු තීරණ ගන්නේ කෙසේද කියා ගැටලුවක් පවතිනවා. මෙය ළමා පරපුරට කරන දැඩි අසාධාරණයක්.
ළමා ආරක්ෂාව වෙනුවෙන් ගන්නා ඕනෑ ම පියවරකට සහයෝගය ලබා දෙනවා
අධිකරණයේ මේ වන විට යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය තුළ නඩු 4000ක් ඇති නිසා මේවා කඩිනමින් විභාග කළ යුතු යි. මේවා ප්‍රමාද වීම පිළිගත නොහැකි යි. ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය මේ වසරේ ම ක්‍රියාත්මක කිරීමට විපක්ෂයේ සහයෝගය ලබා දෙනවා. 46000ක් පැමිණිලි විභාග කර යුක්තිය ඉටු කරන්න. ඒ සඳහා අවශ්‍ය විශේෂ ඒකක, විධිවිධාන හා විශේෂ කාර්ය සාධක බළකායක් ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක විය යුතු යි.
40000 වින්දිතයන් වෙනුවෙන් අපිත් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා
ළමා අයිතිය සුරක්ෂිත කරන පැහැදිලි වැඩපිළිවෙළක් සඳහා රජය ප්‍රවේශ වන ලෙස යෝජනා කරනවා. 40000 වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට තමාගේ ම සේම සමගි ජන බලවේගයේ ද පූර්ණ සහයෝගය ලබා දෙනවා. දේශපාලන ගැටලුවක් කර නොගෙන ළමුන් ගේ අයිතිය සුරක්ෂිත කරන්න වහාම පියවර ගත යුතු යි.''



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
