එකුන් තිස් වරක දේහපාලන භූමියේත්, ඒ අතරතුර ජනමාධ්‍ය ක්ෂේත්‍රයේත් ලැබුවා වූ අත් දැකීම්, භාවිතා පාදක කර ගනිමින් ඥානසිරි කොත්තිගොඩ විසින් රචිත ''නව සමසමාජ පක්ෂයේ මුල මැද අග සහ මම'' කෘතිය ජූලි 07වන දා 03.00ට කොළඹ 07, නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ජනගත කරයි.
එම අවස්ථාවේ දී: 'වමේ දේශපාලන පක්ෂවල බෙදීම, බිඳී යෑම් උපන් ගෙයි සන්නියක්ද?' යන මැයෙන් රණත් කුමාරසිංහ, 'ජාතික ප්‍රශ්නයට ස්වයං තීරණ අයිතිය ලංකාවට වලංගු නැද්ද?' යන මැයෙන් මහාචාර්ය ජයදේව උයන්ගොඩ, ''නව සමසමාජ පක්ෂයේ මුල මැද අග සහ මම'' කෘතිය පිළිබඳව රෝහිත භාෂණ අබේවර්ධන (Zoom තාක්ෂණය ඔස්සේ), සහ 'ලංකාවේ කම්කරු පන්තිය දුර්වල වුණේ ආණ්ඩුකරණයට යෑම ද? ජාතිවාදයට යටවීම ද?' යන මැයෙන් අනූප රන්දුල ද දේශන පැවැත්වීමට නියමිත ය.
සභාව මෙහෙයවනු ලබන්නේ ප්‍රසාද් සේනාධීර විසිනි.
ඔබ සැමට විවෘත ආරාධනා...!
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
