පුටුව සන්ධානයට බාල්දියක් !

පුටුව සන්ධානයට බාල්දියක් !

ඔන්න දැන් නැවතත් පුටුව සන්ධානය කරලියට ඇවිත්.. ඒ මාර්තු පළවෙනිදා පැවති ශ්‍රිලනිප මධ්‍යම කාරක සභා රැස්වීමත් එක්ක.

ස්ථීරවම ඉදිරි දින කිහිපය තුල පුටුව ලකුණින් සන්ධානයක් බිහිවෙනවා කියලා ඔය මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පස්සේ මෛත්‍රී මාධ්‍යවලට කියලා තිබුනා.

ආණ්ඩුවේ ඇමතිධූර දරන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායකත් එම අවස්ථාවට එක්වෙමින් සන්ධානය බිහිවෙන බව සනාථ කරලා තිබුනා.

තමන් දැනට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස ඔහුට සහය දැක්වුව ද, ඉදිරි ජනාධිපතිවරණය තුල තමන්ගේ භූමිකාව ඒ තුලින් ප්‍රකාශ වෙන්නේ නෑ කියන කතාවකුත් ඒ අස්සේ කියල තිබුනා.

ඒ කොහොම ශ්‍රී ලංකා එක හරහා පුටුව සන්ධානය බිහිවෙන එක ඉදිරි සතිය තුල අපේක්ෂා කල හැකි වුවත් , චම්පික රණවකලා , ලන්සලා, අනුර ප්‍රියදර්ශන යාපලා ද දැන්ම ඕකට එකතු වෙයිද නැද්ද කියන එක නම් සැකයි ..

මොකද ඔය පුටුව සන්ධානේ ජනාධිපති අපේක්ෂකයා විදියට මෛත්‍රීපාල එන්න ට්‍රයි එකක් දෙනවා කියලා සමහරුන්ට තේරිලා.

'' ඔය මෛත්‍රීපාල ලොක්කට කියන්න පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න කියලා . එයා ඉස්සරහට අවොත් මේ වැඩේ දෙල් වෙනවා .. නැත්තන් චන්දයක් කෝල් කරනතුරු වැඩේ පොඩ්ඩක් පස්සට දාමු ..'' - ඔන්න සන්ධානෙට එකතුවෙන්න හදන අලුත් සන්ධානෙක ලොක්කෙක් ඊයේ පෙරේදා ලසන්ත අලගියවන්නට කියලා.

ඒ කියන්නේ ඔය අලුත් සන්ධානේ අටවන්නත් ඉස්සෙල්ලම මණ්ඩලේ කචල් වගේ..

කොහොමටත් ශ්‍රීලනිප නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසත් මීඩියා වලට කියලා තිබුණේ, මෛත්‍රී ජනපති අපේක්ෂක කරන්න ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව ඒකමතික තීන්දුවක් අරගෙන තියෙන්නේ කියලා. ඔය විදිහට මුට්ටි වැටෙන්නේ නිකමට නෙවෙයි කියලා, කස්ටියට තේරුණ නිසා වෙන්න ඕන වැඩේට බාලගිරි දෝෂය ලැබුවේ.

දේශපාලන වාර්තාකරු

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න