Language Switcher

V2025

භූමිතෙල් ඇතුළු ඉන්ධන වර්ග 03ක මිල පහළට !

ඉන්ධන වර්ග 3ක මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමටත් සෙසු ඉන්ධන මිල සංශෝධනයක් නොමැතිව පවත්වා ගෙන යාමටත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර ඇත.

ඒ බව දැනුම්දෙමින් ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත්කර ඇති අතර ඊට අනුව ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල සංශෝධනය නොකෙරේ.

එහෙත් ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 9.00කින් , සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10.00 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5.00 කින් අඩු කර ඇත.

එම මිල පහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 447.00 ක්, ලංකා සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 458.00 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 257.00 ලෙස පත්ව තිබේ.

මීට අදාළව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .

2