අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මේ බව පැවසී ය.
"අද සිට ඉන්ධන මිල යළිත් සංශෝධනය කරලා. මේ වැඩිවීම අපේ සේවාවට විශාල ගැටලුවක්. අපේ සේවාව කරන්න තෙල් නෑ ඒ මදිවට රජය මිල ගණන් වැඩිකරලා. ගහෙන් වැටුනණු මිනිහට ගොනා ඇන්න වගේ.
අපි යෝජනා කරනවා ත්‍රිරෝද රථ ගාස්තුව පළමු කිලෝමීටරය සඳහා රුපියල් 20ක් වැඩි කරන්න.
මේ පිළිබඳව කටයුතු කරන්න පුලළුවන් මීටර භාවිතා කරන රියදුරන්ට පමණයි.
පවතින තත්ත්වය ගැන කියන්න ළඟදී ම ජනාධිපති ලේකම් කාර්යාලයට එනවා" යනුවෙන් ද ඔහු පැවසීය.
(Ada derana)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
