මොළේ උණ හෙවත් මෙනින්ජයිටීස් රෝගය වැළඳුනු තවත් රැඳවියෙකු ගාල්ල බන්ධනාගාරයෙන් හඳුනාගෙන තිබේ.
බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය, හේමන්ත රණසිංහ සඳහන් කළේ, එම රැඳවියා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
පසුගිය 19 වැනිදා බන්ධනාගාරගත වූ රැඳවියෙකු මෙලෙස රෝගී වී ඇති බව සඳහන්ය.
ඔහුගේ තත්ත්වය බරපතළ නොවන අතර බන්ධනාගාරය තුළින් වෙනත් මොළේ උණ රෝගීන් මෙතෙක් හඳුනාගෙන නොමැති බව ද වෛද්‍ය හේමන්ත රණසිංහ පැවසීය.
උණ රෝගය හේතුවෙන් මීට පෙර ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු සහ මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මිය ගියේ ය.
කෙසේ වෙතත් රෝගය පාලනය කිරීම සඳහා බන්ධනාගාර සෞඛ්‍ය අංශ විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
