විදුලි බිල අඩුවන හැටි කංචන පහදයි : ඔක්තෝබර් එල්ලපු ගාස්තුව ගැලවෙයි !

විදුලි බිල අඩුවන හැටි කංචන පහදයි : ඔක්තෝබර් එල්ලපු ගාස්තුව ගැලවෙයි !

විදුලි බිල පසුගිය ඔක්තෝබර් මාසයේදී වැඩි කෙරුණු මුදල (ප්‍රතිශතය) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

පාර්ලිමේන්තුවේදී අද (21) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසූ අතර අදාළ ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය දැනුම්දී ඇති බවද සඳහන් කළේය.

විදුලි බිල අඩු කිරීමට අදාළ යෝජනාව විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට අද බාර දෙන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය .

ආගමික ස්ථානවල සහ ගෘහස්ථ කාණ්ඩයේ විදුලි බිල පසුගිය ඔක්තෝබර් මාසයේදී 18% කින්, කර්මාන්ත සහ හෝටල් ක්ෂේත්‍රයේ විදුලි බිල 12% කින්, රජයේ ආයතන වල විදුලි බිල 24%කින් වැඩි කළ බවද අඅමාත්‍ය කංචන විජේසේකර සිහිපත් කර සිටියේ ය.

ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අවම වශයෙන් ඔක්තෝබර් මාසයේ වැඩිකළ මුදල සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

මෙම ප්‍රමාණයට වඩා විදුලි ගාස්තු අඩුකිරීම ට හැකි නම් ඒ යෝජනාව ද සකස් කර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න