ශානිගේ ආරක්ෂාව ගැන ප්‍රගති වාර්තාවක් කැඳවයි !

 ශානිගේ ආරක්ෂාව ගැන ප්‍රගති වාර්තාවක් කැඳවයි !

රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර ට විශේෂ පොලිස් බළකා ආරක්ෂාව ලබාදීම පිළිබඳව ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කර ඇත .

ඒ තම ආරක්ෂාව වැඩි කරන ලෙස ඉල්ලා රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය.

මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

තමන්ට ලබා දී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොමැති බව සඳහන් කරමින් තම ආරක්ෂාව වැඩි කිරීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර විසින් මෙම රිට් පෙත්සම ගොනු කරනු ලැබ ඇත.

මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය පෙනී සිටි අතර නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය පෙනී සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න