යෝජිත ඉන්දීය - ලංකා ගිවිසුමක් ගැන තොරතුරු එළියට !

යෝජිත ඉන්දීය - ලංකා ගිවිසුමක් ගැන තොරතුරු එළියට !

යෝජිත ඉන්දීය - ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමෙහි වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු ප්‍රමාණයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

ඊට අනුව යෝජිත ඉන්දීය - ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමෙහි 13 වන වටයේ සාකච්ඡා 2024-01-08 දින සිට 10 දින දක්වා නවදිල්ලියේදී පවත්වා ඇත.

එහිදී, "භාණ්ඩ වෙළෙඳාම", "පූර්විකාව, සාමාන්‍ය විධිවිධාන හා සාමාන්‍ය ව්‍යතිරේක", "සේවා වෙළෙඳාම", "ප්‍රභවස්ථාන රීති", "රේගු පටිපාටිය හා වෙළෙඳාම පහසුකරණය", "සනීපාරක්ෂාව හා ශාක සනීපාරක්ෂාව පිළිබඳ මිනුම්", "වෙළෙඳාම සඳහා වන තාක්ෂණික බාධක", "වෙළෙඳ විමසුම්" සහ "ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව" යන අනුකමිටු නවය විසින් සාකච්ඡා කර ඇත.

2024 පෙබරවාරි මස අග භාගයේදී ගැටුම් නිරාකරණය හා අවසන් විධිවිධාන පිළිබඳ අනුකමිටුව නවදිල්ලියේදී අදාළ පරිච්ඡේදය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.

එසේම, යෝජිත සහයෝගිතා ගිවිසුමේ 14 වන වටයේ සාකච්ඡා 2024 මාර්තු පළමුවන සතියේ පැවැත්වීමට සැලසුම් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න