ඉන්දීය ආයෝජනවලට ජවිපෙ - මාලිමා විරෝධය අවසන් : නාමල් කියයි !

ඉන්දීය ආයෝජනවලට ජවිපෙ - මාලිමා විරෝධය අවසන් : නාමල් කියයි !

ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ගේ ඉන්දීය සංචාරයෙන් පසුව ඉන්දියානු ආයෝජන සඳහා එම පක්ෂ සිය එකඟතාව පළ කරනු ඇති බවට විශ්වාස කරන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි .

පසුගිය සමයේ ජවිපෙ දැක්වු ඉන්දීය විරෝධි ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරටට ආයෝජන ගණනාවක් අහිමි වු බව කී මන්ත්‍රීවරයා සාම්පුර් බලාගාරය ඊට නිදසුනක් බවද සඳහන් කරයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ , පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන "සද් ජන රළ " රැස්වීම් මාලාවේ සමාරම්භක රැස්වීම අමතමිනි .

එම රැස්වීම ඊයේ (06) උදෑසන පොලොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේදී පැවැත්විණ.

අතීතයේ දී ඉන්දියානු ව්‍යප්තවාදය ගැන ජවිපෙ අද වන විට ඉන්දියානු සංචාර ගැන උදම් අනමින් සිටින බව ද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය .

එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය .

“ඉස්සර පන්ති පහේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරපු ජවිපෙ, අද ඉන්දියානු සංචාරයක් ගිහින් උදම් අනමින් ඒ ගැන කතා කරනවා. එනිසා ජනතා විමුක්ති පෙරමුණ මේ ඉන්දියානු සංචාරයෙන් පස්සෙ මේ රටට එන ආයෝජනවලට එකගත්වය පල කරයි කියලා හිතනවා.”

මෙම අවස්ථාව සඳහා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්, තිස්ස කුට්ටිආරච්චි, ඩී.වී.චානක, ඉන්දික අනුරුද්ධ, තේනුක විදානගමේ, ජගත් සමරවික්‍රම, චින්තක මායාදුන්න ඇතුළු පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න