අනුරගේ ඉන්දීය සංචාරය සහ එට්කා ගිවිසුමේ සම්බන්ධයක් - විමල්ගෙන් චෝදනාවක් !

අනුරගේ ඉන්දීය සංචාරය සහ එට්කා ගිවිසුමේ සම්බන්ධයක් - විමල්ගෙන් චෝදනාවක් !

ඉන්දියාවේ වුවමනාව, අප පත්ව සිටින තීව්‍ර ආර්ථික අර්බුදය යොදාගෙන එට්කා ගිවිසුම ද අත්සන් කරවාගෙන ශ්‍රී ලංකාව තුළ තම දේශපාලන සහ ආර්ථික ආධිපත්‍ය පතුරුවාලීම බවත් ඊට අද ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන පක්‍ෂ ගැතිකම් කරන හෙයින් ඔවුන් ද මෙම සැබෑ අනතුර පෙන්වා නොදෙන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පෙන්වා දෙයි.

“ඉන්දියානු ව්‍යාප්තවාදය” ලංකාවට උගන්වනු ලැබූ දේශපාලන පක්‍ෂය ද අද නිහඬව සිටින්නේ, මේ ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීමේ ඉන්දියානු ක්‍රියාන්විතයේ ඔවුන් ද ඉතා ප්‍රබල සාමාජිකන් නිසා බවට වීරවංශ මන්ත්‍රීවරයා චෝදනා කරයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙසේ ද සඳහන් කළේය.

“මේ වන විට ලංකාව සහ ඉන්දියාව අතර එට්කා ගිවිසුම අත්සන් කිරීම සඳහා කඩිනම් සාකච්ඡා සිදුවෙමින් පවතිනවා. ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවක් මගින් විවිධ රටවල් අතර දේශපාලන-ආර්ථික ගිවිසුම් අත්සන් තැබීම් පිළිබඳ නිලධාරියෙකු පත් කිරීමට හා ඒ වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා. දැන් ඒ ඉහත කී නිලධාරියා සහ ඉන්දියානු නියෝජිතයන් අතර එට්කා පිළිබඳ සාකච්ඡා ඇරඹිලා තිබෙනවා. අපට වාර්තා වන ආකාරයට ඉතාම කඩිනමින් ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර එට්කා ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබෙනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න