අනුර ඉන්දීය විදේශ ලේකම් හමුවෙයි

අනුර ඉන්දීය විදේශ ලේකම් හමුවෙයි

ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු දූත පිරිස ඊයේ (05) රාත්‍රියේ ඉන්දීය විදේශ ලේකම් විනායි මොහාන් ක්වත්‍රා (Vinay Mohan Kwatra) හමුවී තිබේ.

 එහිදී දෙරටේ ආර්ථික සහ දේශපාලන සබඳතා පවත්වා ගැනීම සම්බන්ධයෙන් මෙන්ම වෙනස් වී ඇති භූ දේශපාලනික තත්වයන් සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

සාකච්ඡාවෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු පිරිස ඉන්දීය විදේශ ලේකම් සමග රාත්‍රි භෝජන සංග්‍රහයකටද එක්වී ඇත.

එම හමුව නව දිල්ලි නගරයේ Taj Mansingh හෝටලයේදී පැවැත්විනි.

අද (06) දිනයේදී එම දූත පිරිස ඉන්දියාවේ Observer Research Foundation සහ Unique Identification Authority of India (UIDAI) ආයතන නැරඹීමට සහ එම ආයතනයන්හි ක්‍රියාකාරිත්වයන් පිළිබඳ විශේෂ සාකච්ඡාවල නිරත වීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න