වර්ෂයකදී වාර්තාවන ළමා පිළිකා රෝගීන් සංඛ්‍යාව 900ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ නැග ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය.
වසරකදී පිළිකා රෝගී දරුවන් මීට පෙර වාර්තා වූයේ 450ක පමණ සංඛ්‍යාවක් බවද ඔහු සඳහන් කළේය.
විශේෂයෙන්ම ජංගම දුරකතනවලට ඇබ්බැහිවීම හේතුවෙන් ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම පිළිකා ඇතුළු බෝ නොවන රෝග ඇතිවීම වැඩිවීමට එක් හේතුවක් බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ලියුකේමියාව සහ මොළේ පිළිකා දරුවන් අතර අද බෙහෙවින් වැඩිවී ඇති බවද ප්‍රකාශ කළේය.
ලෙඩ රෝගවලින් මුදා ගැනීමට නම් පැණි බීම කෙටි කෑම වැනි දේවලින් දරුවන් ඈත් කර තැබීම වැදගත් බවත් විශේෂයෙන්ම දරුවන්ට අවුරුදු දෙකක් යනතුරු මව්කිරි ලබාදීම පිළිකා වලින් මිදීමට ඇති හොඳ මාර්ගයක් බවත් ඔහු සඳහන් කළේය.
ලංකාදීප
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
