ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පත්කළ ක්‍රීඩා අතුරු කමිටු දෙකක් විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා අතුරු කමිටු දෙක මෙලෙස විසුරුවා හැර ඇත.
1973 අංක 25 දරණ ක්‍රීඩා පනත සහ වලංගු ක්‍රීඩා නියෝගවලට අනුව නීත්‍යානුකුල නිල කාලය අවසන් වී නැවත නිලවරණය පැවැත්වෙන තෙක් මීට පෙර පැවති නිලධාරී මණ්ඩලය වෙත අදාළ සංගම්වල කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමට බලය පවරණ බවද අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
