පුවත්පත් බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ කළමනාකරුවකු ලෙස දශක කිහිපයක් කටයුතු කර ඇති ඩී.ඒ. විජේසුන්දර අද (25) උදැසන අවිස්සාවේල්ල රෝහලදී අභාවප්‍රාප්ත වී ඇත.
පසුගිය මාස කිහිපයෙහි තරමක අසනීප තත්වයෙන් පසුවූ ඔහු මියැදෙන විට 65 වන වියෙහි පසුවිය.
ලේක්හවුස් පුවත්පත් ආයතනයේ සහ වෙනත් පෞද්ගලික පුවත්පත් ආයතන ගණනාවක සේවය කර ඇති ඔහු, අවසන්වරට සේවය කලේ 'අනිද්දා' පුවත්පත් ආයතනයේය.
ඩී.ඒ. විජේසුන්දර ගේ දේහය මේවනවිට අවිස්සාවේල්ල, මාදොල , ගංගානි උද්‍යානයේ අංක 168/A පිහිටි ඔහුගේ නිවසේ තැම්පත්කර ඇති අතර අවමංගල්‍ය කටයුතු හෙට (26) සවස 5.00ට අවිස්සාවේල්ල පොදු සුසන භූමියේදී සිදුකිරීමට නියමිතය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
