Image

යාපනය අර්ධද්වීපය අත්විඳින්න මග පෙන්වූ “උතුරු කොනේ අරුමැසිය”

උතුරු කොනේ අරුමැසිය නම් කෘතියේ අත්පිටපත මගේ අතට ලැබුණු දිනයෙන් පසු, මම එය නැවත නැවත කියවීමි. ඒ කෘතිය තුළින් මා තුළ අවදි වූයේ, මීට පෙර නොදැන සිටි, නොදුටු යාපනය අර්ධද්වීපය පිළිබඳ ගැඹුරු කුතුහලයකි. පොතේ පිටු අතරින් විවර වූ උතුරු කොනේ ඒ විශේෂ ලෝකය, කථා පමණක් නොව, සජීවී අත්දැකීමක් ලෙස අත්විඳීමට ඇති ආශාව නිසා ම පොත නිල වශයෙන් නිකුත් වීමටත් පෙර ම යාපනයට සංචාරයක යෙදීමට මම තීරණය කළෙමි.

සංචාරකයකුට අවශ්‍ය ප්‍රායෝගික දැනුම

මෙම පොත කියවීමට පෙර මාගේ සිත් තුළ මැවී තිබූ යාපනයට වඩා, ප්‍රථම වරට මගේ ඇස් ඉදිරියේ දිස් වූ යාපනය අතිශය වෙනස් විය. එහි ස්වභාව සෞන්දර්යය, සාමකාමී පරිසරය, සහ ගැඹුරු සංස්කෘතික වටිනාකම් මා කලින් සිතාගත් සීමා ඉක්මවා ගියේ ය. ඒ සුන්දරත්වය විස්තර කිරීමට වචන ප්‍රමාණවත් නොවන අතර, ඒ අත්දැකීම මගේ මතකයේ විශේෂ ස්ථානයක් ගත් එකක් බවට පත් විය.

යාපනයේ දිගු කාලයක් ජීවත් වී, වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස අධ්‍යාපනය ලබමින්, පසුව වෛද්‍යවරියක් ලෙස සේවය කරමින්, අර්ධද්වීපයේ අස්සක් මුල්ලක් නෑරම ඇවිද දැක පුරුදු වූ විදුනි විසින් ලියන ලද මෙම කෘතිය, මගේ සංචාරය සාර්ථක කරගැනීමට අතිශය වැදගත් මගපෙන්වීමක් විය. ඇය ගේ පුද්ගලික අත්දැකීම්, නිරීක්ෂණ සහ සවිස්තරාත්මක විස්තර සංචාරකයකුට අවශ්‍ය ප්‍රායෝගික දැනුම සමග සාර්ථක ලෙස ඒකාබද්ධ වී තිබුණි.

විදුනි ගේ කෘතිය තුළ විස්තර කර තිබූ ස්ථාන සියැසින් දැකගැනීමේ දැඩි උනන්දුව නිසාම, මාගේ යාපනය සංචාරය සතියකට ආසන්න කාලයක් දිගු විය. පොතේ සඳහන් වූ ස්ථාන බොහෝමයක්ම නැරඹීමට මට හැකි වූ අතර ඒ සෑම ස්ථානයක් ම පෙර දැනුමක් සහිතව නැරඹීම, එම අත්දැකීම් තවත් ගැඹුරු සහ අර්ථවත් කළේ ය.

සංචාරයේ සෑම දිනයක් ම සුවිශේෂ අත්දැකීමක්

මෙම සංචාරයේ දී විශේෂයෙන්ම මාගේ අවධානයට ලක් වූ කරුණක් වන්නේ, යාපනයේ ජනතාව ගේ අතිශය මිත්‍රශීලී සහ සාදර ආකල්පය යි. එය යාපනය සංචාරය මගේ හදවතට තවත් සමීප කළ හේතුවක් විය.

එසේම යාපනය අර්ධද්වීපයේ විවිධ පළාත්වලට ආවේණික කෑම වර්ග සහ ඒවා රස විඳීමට සහ මිලදී ගැනීමට හැකි ස්ථාන පිළිබඳ විදුනි කර ඇති විස්තර මෙම සංචාරය අර්ථවත් පමණක් නොව, අතිශය රසවත් අත්දැකීමක් බවට පත් කළේය. ඒ ඒ ප්‍රදේශයට ගිය විට රස බලන්නට සුදුසු විශේෂ ආහාර මොනවාද, ඒවා හමුවන ස්ථාන කොතැන ද යන්න පිළිබඳ පැහැදිලි දැනුමක් තිබීම සංචාරයේ සෑම දිනයක් ම සුවිශේෂ අත්දැකීමක් බවට පත් කළේ ය.

යාපනය අර්ධද්වීපයේ ආත්මය, සුවඳ සහ රසය

උතුරු කොනේ අරුමැසිය කෘතියේ විශේෂත්වය වන්නේ, සංචාරක ස්ථානවලට යෑමට ඇති මාර්ගවල සිට, ඒවාට අදාළ ඉතිහාසය, ජනප්‍රවාද, සංස්කෘතික පසුබිම, වටපිටාව සහ සුවිශේෂ ලක්ෂණ දක්වා කතාන්දරමය ආකාරයෙන් ඉතාම සවිස්තරාත්මක ලෙස ඉදිරිපත් කර තිබීම යි. එම නිසාම මෙම කෘතිය මගේ සංචාරය සැලසුම් කිරීමට පමණක් නොව නිවැරදි දැනුමකින් යුතුව පහසුවෙන් සහ සාර්ථකව එය සිදු කරගැනීමට ද මහත් උපකාරයක් විය.

මෙම කෘතිය කියවීමෙන් මා අවබෝධ කරගත්තේ යාපනය අර්ධද්වීපය යනු සරල සංචාරක ගමනාන්තයක් පමණක් නොව ඉතිහාසය, සංස්කෘතිය සහ මිනිස් ජීවිත එකට බැඳුණු සුවිශේෂ භූමි ප්‍රදේශයක් බවයි. එය උතුර පිළිබඳ පවතින සාමාන්‍ය අදහස් නැවත සලකා බැලීමට ද පාඨකයාට අවස්ථාව සලසා දෙයි.

අවසන් වශයෙන් කියතොත්, උතුරු කොනේ අරුමැසිය යනු යාපනය අර්ධද්වීපයේ ආත්මය, සුවඳ සහ රසය දක්වාම හඳුන්වා දෙන සාහිත්‍යමය කෘතියකි. යාපනය සැබෑ ලෙස දැනගන්න, අත්විඳින්න කැමති ඕනෑම අයෙකුට මෙම කෘතිය අගනා මඟපෙන්වීමක් වනු ඇත.

Thanoja Wadugeයාපනය අර්ධද්වීපය අත්විඳින්න මග පෙන්වූ “උතුරු කොනේ අරුමැසිය”

WhatsApp Image 2026 06 28 at 4.09.30 AM

WhatsApp Image 2026 06 28 at 4.09.31 AM

උතුරු කොනේ අරුමැසිය කෘතියේ විශේෂත්වය වන්නේ, සංචාරක ස්ථානවලට යෑමට ඇති මාර්ගවල සිට, ඒවාට අදාළ ඉතිහාසය, ජනප්‍රවාද, සංස්කෘතික පසුබිම, වටපිටාව සහ සුවිශේෂ ලක්ෂණ දක්වා කතාන්දරමය ආකාරයෙන් ඉතාම සවිස්තරාත්මක ලෙස ඉදිරිපත් කර තිබීම යි. එම නිසාම මෙම කෘතිය මගේ සංචාරය සැලසුම් කිරීමට පමණක් නොව නිවැරදි දැනුමකින් යුතුව පහසුවෙන් සහ සාර්ථකව එය සිදු කරගැනීමට ද මහත් උපකාරයක් විය.

මෙම කෘතිය කියවීමෙන් මා අවබෝධ කරගත්තේ යාපනය අර්ධද්වීපය යනු සරල සංචාරක ගමනාන්තයක් පමණක් නොව ඉතිහාසය, සංස්කෘතිය සහ මිනිස් ජීවිත එකට බැඳුණු සුවිශේෂ භූමි ප්‍රදේශයක් බවයි. එය උතුර පිළිබඳ පවතින සාමාන්‍ය අදහස් නැවත සලකා බැලීමට ද පාඨකයාට අවස්ථාව සලසා දෙයි.

අවසන් වශයෙන් කියතොත්, උතුරු කොනේ අරුමැසිය යනු යාපනය අර්ධද්වීපයේ ආත්මය, සුවඳ සහ රසය දක්වාම හඳුන්වා දෙන සාහිත්‍යමය කෘතියකි. යාපනය සැබෑ ලෙස දැනගන්න, අත්විඳින්න කැමති ඕනෑම අයෙකුට මෙම කෘතිය අගනා මඟපෙන්වීමක් වනු ඇත.

WhatsApp Image 2026 06 28 at 4.09.29 AM

Thanoja Waduge

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න