ව්‍යවස්ථා සභාවට ජනපතිගෙන් සැර ලිපියක් !

ව්‍යවස්ථා සභාවට ජනපතිගෙන් සැර ලිපියක් !

ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා පත්කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කරන ලද අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න විනිසුරුවරයාගේ පත්වීම් සම්බන්ධව විධිමත් තීරණයක් නොගැනීම ගැන ව්‍යවස්ථා සභාවට චෝදනා කරමින් මේ සතියේ ජනාධිපතිවරයා විසින් සැර ලිපියක් යොමුකර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

මෙම විනිසුරුවරයාගේ නම නිර්දේශ කළ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පිළිතුරක් යැවූ ව්‍යවස්ථා සභාව මේ සම්බන්ධයෙන් තම සභාවේ තීරණයක් නැතැයි දන්වා තිබිණි.

ව්‍යවස්ථා සභාවේ මෙම තීරණය නිසා අධිකරණ කටයුතුවලට සහ යුක්තිය පසිඳලීමේ කටයුතුවලට බරපතළ ලෙස බාධා පැමිණ ඇතැයි මෙම ලිපිය මගින් ව්‍යවස්ථා සභාවට දන්වා ඇති ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාවේ මෙම ක්‍රියාකලාපය නිසා රටේ නීතිය විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට බරපතළ බාධාවක් එල්ල වී ඇති බව සඳහන් කරයි.

තමන් එවන ලද නිර්දේශය සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාව තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. එසේම ව්‍යවස්ථා සභාව තමන් මෙම තීරණය ගත්තේ කෙසේද කියා කිසිදු හේතු දැක්වීමක් කර නොමැති වග ද ප්‍රකාශ කර ඇත.

  • deshaya

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න