ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීම සඳහා අද (25) පස්වරුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී, තම හෘද සාක්ෂියට එකඟව ඡන්දය භාවිත කරන ලෙස ‘දිනන දකුණ’ සාමූහිකය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.
එසේ හෘද සාක්ෂියට එකඟව ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන්නේ නම්, ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙස ද එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් දිනන දකුණ සාමූහිකයේ නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව පෙන්වා දෙන්නේ, මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන්නේද නැද්ද යන්න තීරණය කිරීමේ අතිශය තීරණාත්මක සහ දැවැන්ත වගකීම පාර්ලිමේන්තුවට මෙන්ම සෑම මන්ත්‍රීවරයෙකුටම පැවරී ඇති බවයි.
ජනතා විශ්වාසය දිනාගත හැක්කේ ව්‍යාජ මවාපෑම්වලින් තොර අවංකභාවය තුළින් පමණක් බවත්, ව්‍යාජත්වය හඳුනා ගන්නා මොහොතේ සිට ජනතා විශ්වාසය බිඳවැටෙන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මතු පළ වන්නේ ‘දිනන දකුණ’ සාමූහිකය විසින් නිකුත් කළ අදාළ නිවේදනයේ ලිඛිත පිටපතයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
