Image

​යුද්ධ හමුදා 77 වන සංවත්සරය නිමිත්තෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී යුද්ධ හමුදා ධජ ආශිර්වාද පූජා උළෙලක්

​යුද්ධ හමුදා 77 වන සංවත්සරය නිමිත්තෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී යුද්ධ හමුදා ධජ ආශිර්වාද පූජා උළෙලක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරයට සමගාමීව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ උත්සවය යුද්ධ හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

​ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 77 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ සමාරම්භය සනිටුහන් කරමින්, සාම්ප්‍රදායිකව ධජයන්ට සෙත් පැතීමේ උත්සවය අද (24) දින පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

​යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා දිවයින පුරා පිහිටි සියලුම යුද්ධ හමුදා රෙජිමේන්තු සහ ඒකකයන්හි නියෝජිතයින් එක්ව සිටියහ.

​පාරම්පරික සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් සංස්කෘතික පෙරහැරකින් යුද්ධ හමුදා ධජය, රෙජිමේන්තු ධජ සහ ඒකක ධජ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැලිමළුව වෙත පෙරහැරින් රැගෙන එන ලදී. අනතුරුව එම ධජයන් උඩමළුව වෙත වැඩම කරවා, පූජනීය බෝධීන් වහන්සේ වටා තැන්පත් කර විශේෂ ආශීර්වාද පූජාවන් පවත්වන ලදී.
​
මහා සංඝරත්නය විසින් පිරිකර පූජා සහ සෙත් පිරිත් සජ්ඣායනා පවත්වා, මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමත්, තුවාල ලැබූ විරුවන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත්, දැනට සේවයේ නියුතු සියලුම යුද්ධ හමුදා සාමාජිකයන්ට සහ සමස්ත යුද්ධ හමුදාවට ආශීර්වාද කිරීමත් සිදු කළහ.

77

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න