චෝදනා රැසක් මැද සජිත්ගේ මස්සිනා පාර්ලිමේන්තුවට : ගැසට් එක මෙන්න !

චෝදනා රැසක් මැද සජිත්ගේ මස්සිනා පාර්ලිමේන්තුවට : ගැසට් එක මෙන්න !

චමින්ද විජේසිරි ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ බදුල්ල දිස්ත්‍රික්කයේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය සඳහා නයන වාසලතිලක පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ සජබ මනාප ලයිස්තුවේ ඊළඟ ට සිටින්නේ නයන වාසල තිලක වන නිසාය .

නයන වාසල තිලක සජබ නායක සජිත් ප්‍රේමදාස ගේ බිරිඳ ගේ මස්සිනා කෙනෙකු මෙන්ම මැච් ෆික්සින් සහ මුදල් විශුද්ධිකරණ චෝදනා ඇත්තෙකු ලෙස සමාජ මාධ්‍ය ඇතුළු වෙබ් අඩවි වාර්තා කර තිබිණ.

එසේම ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ චෝදනා කර සිටියේ ඔහු ද්විත්ව පුරවැසියෙකු ද වන බවයි .

එසේම චමින්ද විජේසිරි රුපියල් ලක්ෂ 900කට මන්ත්‍රී ධූරය විකුණා ඇති බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් අවශ්‍ය බවද මහින්දානන්ද මන්ත්‍රීවරයා එහිදී පැවසීය .

මේ අතර තවත් මාධ්‍ය වාර්තා වල සඳහන් වූයේ චමින්ද විජේසිරි ට මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා සජබ නායක සජිත් ප්‍රේමදාස බලපෑම් කර ඇති බවයි.

නයන වාසල තිලක මන්ත්‍රී ධූරයට නම් කරමින් මැතිවරණ කොමිසම නිකුත්කළ ගැසට් නිවේදනය පහත දැක්වෙයි .

1 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න